දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් වාර්තාගත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 301ක් රැස් කළා.
එහිදී දකුණු අප්‍රිකා නායිකාව පන්දු 147දී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී කවීෂා දිල්හාරී ලකුණු 47ට කඩුළු 2ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් තරඟය ජවග්‍රහණය කළා.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමමේ නායිකා චමරි අතපත්තු පන්දු 139දී නොදැවී ලකුණු 195ක් රැස් කිරීමට සමත් වුණා.
මෙම තරඟය ඉතිහාස ගත වුණේ කාන්තා කණ්ඩායමක් එක්දින තරඟාවලි ඉතිහාසයේ වාර්තා කළ හොඳම හඹායාම ලෙසයි.
ඒ අනුව මෙම තරඟය ජයග්‍රහණය කිරීමත් සමග තරඟාවලිය එකට එකක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වුණා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














