මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරනවා.
එහි දැක්වෙන්නේ පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාළ පොලිස් ස්ථාන මගින් මෙලෙස ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.
තවද දිවයිනේ රැඳීසිටින කවර හෝ විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවද සඳහන් කරනවා.