හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල රජයට එරෙහිව සංවිධානය වූ විශාලතම විරෝධතාව පෙරේදා සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දහස් සංඛ්‍යාත ඊශ්‍රායල ජනතාව ජෙරුසලමේ ඊශ්‍රායල පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආසන්නයට රැස් වී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ධුරයෙන් ඉවත්වන ලෙසට බල කරමින් මෙම දැවැන්ත විරෝධතාව පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.