ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබෙනවා .
ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ මෙහෙයවීම යටතේයි.
ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම සඳහා සියලු පාර්ශ්වයන් දායක කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙනවා.
ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගනිමින් මෙම දර්ශකය තුල රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනිනු ලබනවා.
මෙහිදී ගෝලීය වශයෙන් මෙරට තරගකාරිත්වය ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙන්ම, දැනුම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සම්බන්ධයෙන්ද අවධානයට ලක්ව තිබුණා.
පර්යේෂණ සහ සංවර්ධන සංස්කෘතියක් පෝෂණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජාතික ප්‍රමුඛතාවන්ට අනුකූලව ශක්තිමත් නව්‍යකරණ පරිසර පද්ධතියක් ගොඩනැගීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී සැලකිල්ලට ලක්ව තිබෙනවා.
දත්ත පරතරයන් පියවීම, සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ රටේ නව්‍යකරණ කාර්ය සාධනයට සහාය වීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සඳහා පැහැදිලි භූමිකාවන් නිර්වචනය කිරීම මෙම වැඩසටහනේ අවධානයට ලක් වී ඇති බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














