ගින්නකට හසුවීමෙන් වීරවිල ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(22) සවස් කාලයේදී වීරවිල, ගඟසිරිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ගින්නකට හසුවී මියගොස් ඇති බවට වීරවිල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන අරම්භ කර ඇති බවයි.
මරණකරු වයස අවුරුදු 63ක් පමණ වූ ගඟසිරිගම, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු විසින් තමාට අයත් කුඹුරේ තිබූ පිදුරු ගිනි තබා ඇති අතර එම ගින්න අවට කුඹුරු යාය වෙත පැතිරීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ගින්නට හසුව පිළිස්සී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය තිස්සමහාරාම රෝහල වෙත ගෙන ගොස් ඇති අතර වීරවිල පොලිසිය වැඩිදුර විමර්හන සිදුකරනු ලබනවා.














