මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ කටයුතු පසුගිය සතියේ සිට එම කටයුතු යලි ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එක් දිනකදී රියදුර බලපත් 6000ක් පමණ මුද්‍රණය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් රියදුරු බලපත් 350,000කට ආසන්න රියදුරු බලපත් සංඛ්‍යාවක් මුද්‍රණයට සඳහා ගොඩගැසී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙන්නේ දින 14ක් ඇතුළත එම ගොඩගැසී ඇති රියදුරු බලපත් ප්‍රමාණය මුද්‍රණය කර අවසන් කිරීමටයි.













