නුවරඑළිය ගෙග්‍රරි වැව අවට පවතින අධික සුළං සහ දැඩි අයහපත් කාලගුණය හමුවේ ආරක්ෂිත හේතූන් මත ඉකුත් සති අන්තයේ සිට ගෙග්‍රරි වැවේ බෝට්ටු සහ හංස බෝට්ටු පැදීම අද(21) දින තෙක් තාවකාලිකව තහනම් කර තිබුණා.
එලෙස තහනම් කර තිබියදීත් අද(21) දිනයේත් පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ බෝට්ටු පැදීමට බෝට්ටු හිමිකරුවන් විසින් තීරණය කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියගේ සහ නුවරඑළිය මහ නගර සභාවේ උපදෙස් පරිදි මෙම තාවකාලික තහනම පනවා තිබෙනවා.
පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පවතින බවයි බෝට්ටු හිමියන් පවසන්නේ.