වොෂින්ටන් හි රේගන් ජාතික ගුවන්තොටුපළ අසලදී මගීන් 64 දෙනෙකු රැගත් ගුවන් යානයක් සහ එක්සත් ජනපද හමුදා හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ පොටොමැක් ගඟට ඉහළින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ජීවිත හානි සහ අනතුරට හේතුව පිළිබඳ තොරතුරු මේ වන විටත් තහවුරු වී නොමැති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.