ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගුවන් තොටුපොල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් රත්‍රං තොගයක්ද සමගින්.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රේගු නිලධාරීන් විසින් අදාළ ගුවන් හමුදා බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජකාරී කරමින් සිටින අතරතුර රත්‍රං තොගය රහසිගතව ගුවන් තොටුපොළින් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදීයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී කැරට් 24 රන් බිස්කට් 40ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
එ්වායේ මුළු බර ග්‍රෑම් 550ක් බවයි ගුවන් තොටුපොළ රේගුව පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි