ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් යානය තුල සිට ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කලා.
අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා ඇති අතර එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස්වීමටයි උත්සහ දරා තිබෙන්නේ.
කෙසේ නමුත් යානය ඊට පෙර අනතුරට ලක්ව ඇති බවටද වාර්තා වනවා.













