කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනයට අදාළ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉහළම ආරක්ෂක විධිවිධාන පවත්වාගෙන යාම අතිශයින් වැදගත් බවයි.
මගීන්ගේ , ගුවන් කාර්ය මණ්ඩලවල , ගුවන්තොටුපොල කාර්ය මණ්ඩලයේ මෙන්ම ගුවන්තොටුපොළ මෙහෙයුම් සමග සම්බන්ධ අනෙකුත් සියලු දෙනාගේ ආරක්ෂාව මෙන්ම යහපැවැත්ම සහතික කිරීම අවශ්‍ය බවයි ඒ මහතා කියා සිටියේ.










