තම ඉල්ලීම්වලට බලධාරින් විසින් නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ගුරු සංවර්ධන නිලධාරින් පවසනවා.
එම සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා සදහන් කළේ තම ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා දින 27 ක් පුරා කොළඹ කොටුව සහ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඔවුන් සත්‍යග්‍රහයක නිරතව සිටියද මේ වන තෙක් ඔවුන්ට කිසිදු විසදුමක් නොලැබුණු බවයි.
මේ හේතුවෙන් හෙට දින මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පාද යාත්‍රාවක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














