නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් දැනුවත් කිරීමේ ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන එක් වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළා.
මෙම වැඩසටහන යටතේ පළාත්, කලාප හා කොට්ඨාස වල අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කරනු ලබනවා.
අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන විෂය මාලා සංශෝධනය, ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදී කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
ගුරු විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු අවම කිරීම, පලාත් සභා සහ මධ්‍යම රජය අතර නිසි සම්බන්ධිකරණය සිදු කිරීම, පළාත් සභා මට්ටමින් පවතින ගැටලු අවබෝධ කරගනිමින් ඊට කඩිනම් විසදුම් ලබා දීම පිලිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපති ප්‍රමුඛ ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කරඇති බවයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපනය වෙනුවෙන් මානව සම්පත් දියුණු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරී්ම සදහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම සදහා කටයුතු කර ඇති බවද ඇය අවධාරණය කළා.
නව අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීමේදී එහි පළමු පියවර දුෂ්කර වුවත් වසර කිහිපයක් ගත වන විට පහසුවෙන් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා හැකි බවයි අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ.