මේ වසරේ අග භාගය වමවිට ගුරු පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
එහිදී ඇය පවසා සිටියේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍යයේ පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වාත් හයවන ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පහත පරිදි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි.
පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 4,240
දෙමළ මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 2,827
හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 11,274
හයවෙනි ශ්‍රේණියේ සිට එකොලොස්වන ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍යයේ ගුරු පුරප්පාඩු සංඛ්‍යාව – 6,121
බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රාජ්‍ය පාසල් වල පළවෙනි ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වාත් හයවන ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පහත පරිදි ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ.