ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට කණ්ඩායම් 3 ක් සමත්ව තිබෙනවා.
ඒ අනුව ගුජරාට් ටයිටන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් යන කණ්ඩායම් මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා
ඒ තරගාවලියේ 60 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 10 ක ජයක් ලැබීමත් සමගයි.
ඒ අනුව මේ වන විට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා අවස්ථාව ඇත්තේ එක් කණ්ඩායමකට පමණයි.
දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් ඒ සදහා තරග වදිමින් සිටිනවා.
කෙසේ වෙතත්, කොල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිදරාබාද්, රාජස්ථාන් රෝයල්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම්වලට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට මේ වන විට සිදුව තිබෙනවා.
මේ අතර තරගාවලියේ 61 වන තරගය අද පැවැත්වෙනවා.
ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතරයි.
ලක්නව් හිදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














