ගිලන් රථ රියදුරෙකු විසින් සෞඛ්‍ය කාර්ය සහයිකාවකට ගිලන් රථයක් තුළදීම අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් මෙලෙස පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේම ප්‍රාදේශීය රෝහලක ගිලන් රථ රියදුරෙකු සම්බන්ධයෙනි.
අදාළ ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහල වෙත මාරු කරන ලද තරුණියක් රැගෙන ගොස් ඇත්තේ අදාළ ගිලන් රථ රියදුරුවරයා සහ සෞඛ්‍ය කාර්ය සහායිකාවයි.
රෝගී තරුණිය රෝහලට ඇතුළත් කර ආපසු ප්‍රාදේශීය රෝහල වෙත යන අවස්ථාවේදී පාළු ස්ථානයක දී රියදුරු ඇයට අතවර කර තිබෙන බවයි පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
ගිලන් රථයේ රියදුරුවරයාගේ තර්ජනයන් හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පොලිසියට පැමිණිල්ලක් කර නොමැති බවද අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙත් මහනුවර දිස්ත්‍රික් සෛෟඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පුපුරැස්ස පොලිසියට අද(14) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් අදාළ කාන්තාව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා ගම්පොළ රෝහලට යොමු කළ බව පොලිසිය පවසනවා.