මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වැලිකන්ද, සඳුන්පිටිය ප්‍රදේශයේදී වැලිකන්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් පමණ වන නවසේනපුර, වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු වැලිකන්ද පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
මේ අතර පුදුකුඩිඉරිප්පු, මන්දවිල් ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් පුදුකුඩිඉරිප්පු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුදුකුඩිඉරුප්පු මන්දවිල් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.