මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙක්ක හා ජීව පතරොම් සමග සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත තිස්සමහාරාම සාමගුලිය වැව අසල වගා ඉඩමක සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
එහිදී සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්, ටී56 පතරොම් 11ක්, එම් 16 පතරොම් 03ක් සහ එම්.පී.එම්.ජී. පතරොම් 3ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් පමණ වන කාවන්තිස්සපුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙක් බවයි පොලිසිය පවසන්නේ.
තිස්සමහාරාම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.