ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් තිදෙනෙක් ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔයාමඩුව ප්‍රදේශයේදී එක් සැකකරුවෙක්ද අනෙක් සැකකරුවන් දෙදෙනා ඇතිමලේ පොලිසියෙන්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසන්නේ.
ඔයාමඩුව පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පෙරුම්කුලම ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 57ක් පමණ වූ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ඔයාමඩුව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
මේ අතර ඇතිමලේ කොටියාගල ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ දඩමස් සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇතිමලේ පොලිසියට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ මුව මස් කිලෝග්‍රෑම් 43ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මොනරාගල සහ දොඹගහවෙල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28ක් සහ 45ක් වන පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.