මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්නෑව පොලිසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ නීති විරෝධීව දේශීය නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමගින්.
අදාළ ගිනි අවි සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව පොලිසියේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
ගල්නෑව, නෑගම්පහ, දියබැටියාව ප්‍රදේශයේදීම මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.













