ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සමගින් විශ්‍රාමික අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල වැලිවිටිය ප්‍රදේශයේදීයි.
සැකකරු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ උණ්ඩ 125ක් සහ රෆිෆල් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 61ක් පමණ වන විශ්‍රාමික අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් බවටයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබනවා.











