බලපත්‍ර නොමැතිව ගිනි අවියක්, නීති විරෝධී මත්පැන් සහ තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරැට් සමග සැකකරුවෙක් හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ හලාවත, කාක්කපල්ලිය ප්‍රදේශයේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එහිදී සැකකරු සන්තකයේ තිබී බලපත්‍ර නොමැතිව විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්, පතරොම් තුනක්, තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද සිගරැට් 460ක් සහ නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 202ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා හලාවත පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක් පමණ වන සැකකරුවෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
මේ අතර ඊයේ(15) රාත්‍රී කේරළ ගංජා සමග සැකකරුවෙක් නින්දවූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත නින්දවූර්,01 වන හරස්වීදිය ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝ 5 ග්‍රෑම් 700ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 36ක් පමණ වන අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය කියා සිටියේ.
නින්දවූර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











