විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම පතරොම් 05ක් සමග සැකකරුවෙක් කඩවත, ගෝනහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
වයස අවුරුදු 43ක් පමණ වූ ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔහු කඩවත පොලිසිය වෙත භාරදී තිබෙනවා.
වැඩිදුර විමර්ශන කඩවත පොලිසිය විසින් සිදුකරනු ලබනවා.