මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික සුළං සමග ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගිනිගත්හේන නෝර්ටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට වොට් 33000 අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක් කඩා වැටී තිබෙනවා.
එසේම ගස් කඩා වැටී ගල් පර්වත කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද(30) අලුයම 1 සිට ඇනහිට ඇති බව නෝර්ටන් බ්‍රිජ් පොලිසිය පවසනවා.
එසේම එම මාර්ගයේ හුළං වංගුව ප්‍රදෙශයට මෙලෙස ගස් සහ විදුලි කණු කඩා වැටී ඇති බවත්, එම තත්ත්වය මත එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන හැටන් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස නෝර්ටන් බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
නෝර්ටන් බි්‍රජ් සිට ගිනිගත්හේන දක්වා ඇද ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ සිදුව ඇති කඩා වැටීම හේතුවෙන් නෝර්ටන් බි්‍රජ් සහ ගිනිගත්හේන යන ප්‍රදේශවලට විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද විදුලි බලමණ්ඩලය පවසනවා.