ගිනිඅවි පෙන්වා පුද්ගලයින් බිය වද්දමින් මුදල් ඇතුළු, භාණ්ඩ කොල්ල කෑමේ නිරත වූ සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ කොල්ලකෑම්වලට සැකකරු සම්බන්ධ බවත් කොල්ලකා ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බවත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
2020 වසරේදී ජනවාරි මස 16 වනදා දොම්පේ පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු රන් භාණ්ඩ උකස් ගන්නා ආයතනයකට ඇතුළු වී එහි පුද්ගලයින් ගිනිඅවි පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ 65ක පමණ වටිනාකමකින් යුත් රත්‍රං භාණ්ඩ කොල්ල කෑමක නිරතව තිබුණා.
අනතුරුව සැකකරුවන් සොයා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබූ අතර සිදුකළ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ එම කොල්ලකෑම සිදුකළ ප්‍රධාන සැකකරුවෙකු වසර පහ හමාරකට පමණ පසුව ඉකුත් 22 වනදා අත්අඩංගුවට ගැණුනා.
මොහු වයස අවුරුදු 39ක් වන බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.