අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ නරඹමින් ගිනිඅවි නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන අපරාධකල්ලි සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකුගේ සමීපතමයෙකු අළුබෝමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගැණුනා.
ඔහු අන්තර් ජාලය ඔස්සේ වීඩියෝ නරඹමින් නිෂ්පාදනය කරමින් තිබූ ගිණිඅවියක් එම ගිණිඅවිය ක්‍රියාත්මක කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන අඩංගු ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් දසදහස් පන්සියක් සහ රුපියල් දසදහසක මුදලක් ද පොලිස් භාරයට ගත් බවයි අළුබෝමුල්ල පොලිසිය පවසන්නේ.
සැකකරු ගිනිඅවි නිෂ්පාදනය කර ඔහුගේ සමීපතම අපරාධකරුවන් වෙත ලබා දී ඇති බවට පොලිසිය සැක කරනවා.