පාකිස්ථානයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකාර ධුරයෙන් ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
පසුගිය අප්‍රේල් මාසයේදී දෙවසරක කොන්ත්‍රාත්තුවක් මත ඔහු එම ධුරයට පත් කෙරුණ බවයි සඳහන් වන්නේ .
ඒ අනුව පාකිස්ථාන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් පුහුණුකාර ධුරය සඳහා පත් කරන අයෙකු සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් ගෙන නැහැ.