රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදු වූයේ පසුගිය මැයි 11 වැනිදායි. කතරගම ඩිපෝවට අයත් මෙම බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින් තුවාල ලැබූ ප්ද්ගලයින් සංඛ්‍යාව 61 ක්. මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සඳහා දායකත්වය ලබා දුන් අතර තුවාල ලැබූවන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා උපරිම පියවර ගත් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. මිය ගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 25,000 බැගින් ද, තුවාල ලැබූවන්ට රුපියල් 10,000 බැගින් ද, රියදුරෙකුට රුපියල් ලක්ෂයක දීමනාව සහ පාරිතෝෂිත ඇතුළු සියලු ගෙවීම් කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. මීට අමතරව බස් රථය රක්ෂණය කර තිබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ද මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි මිය ගිය අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ විසි පන් දහසක් සහ 18 ට අඩු අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ද ගෙවීමට නියමිතයි. තුවාල සිදු වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් 50,000 බැගින් ගෙවීමටම නියමිත බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබෙනවා. මෙම ගෙවීම් සඳහා රුපියල් හැත්තෑ හත් ලක්ෂ විසි පන්දහසක මුදලක් ලබාදීමට රක්ෂණ සමාගම එකග වී ඇති බවත්, එම මුදල ලද විගස අදාළ පාර්ශ්ව වෙත ලබා දෙන බවත්, එම මණ්ඩලය අවධාරණය කරනවා. බස් රථයේ රියදුරු මහතෙකු සහ කොන්දොස්තර මහතෙකු වෙනුවෙන් කම්කරු වන්දි පනත යටතේ කම්කරු ගෙවීම් සදහා අවශ්‍ය මූලික කටයුතුද මේ වන විට සිදු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- සජබ ඇතුලේ කිසිම අවුලක් නැහැ ! මාධ්‍ය හමුව උණුසුම් වෙයි
- හිටපු අයගේ ඉතුරු ටික අදින්නේ දැන් කට්ටිය – පාඨලී හොද නරක පෙන්නයි
- ලීසිං – ෆිනෑන්ස් ගැන මහ බැංකුවෙන් නව මාර්ගෝපදේශ නිකුත් කරයි
- ඔලිම්පික් ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළියට
- අධ්‍යාපනයට ජාත්‍යන්තරය අත දාලා – උවිඳු කියයි
- ඉන්දියානුවන් 21ක් අත්අඩංගුවට
- ආරුක්කු 9 පාලම ආශ්‍රීතව වෙන්න යන අලුත් වැඩේ
- හිටපු ඇමැති රාජිතගේ අපේක්ෂිත ඇප ඉල්ලීම විසිවෙයි