රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පොලීසිය නිවේදනය කළේ මේ වන විට අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.
අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කොත්මලේ පොලීසිය සදහන් කළේ.
බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා..
අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.