නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වුනේ .
තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් .