ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය දීර්ඝ කරමින් නිවේදනයක් අද(10) පස්වරු 4.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අද(09) පස්වරු 4.30 සිට හෙට (10) පස්වරු 4.30 දක්වා වලංගු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම අනතුරු ඇඟවීමේ රතු නිවේදනය බලාත්මක වනවා.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද(9) පස්වරු 3.30 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 150ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එය වයඹ දෙසට ගමන් කර හෙට(10) දින සවස් කාලයේදී ත්‍රීකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරිමට බොහෝ දුරට ඉඩ ඇති බවද නිවේදනයේ සඳහන්.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.













