ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා.
ඔහු සදහන් කර ඇත්තේ ලාසා තීරය තුල මෙසේ ආහාර හිගය ඉහළ යාම මිනිසුන් විසින්ම නිර්මාණය කළ ව්‍යවසනයක් වන බවයි.
ගාසා තීරය තුල පූර්ණ සාගතයක් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.
මේ අතර පසු ගිය පැය 24 තුල ඊශ්‍රායලය සිදු කළ ප්‍රහාර හේතුවෙන් ගාසා නගරයේ සිවිල් වැසියන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පවතින තත්ත්වය සම්බන්දයෙන් ඊශ්‍රායල ආරක්ශක අමාත්‍ය ඊශ්‍රායිල් කැට්ස් විසින් සිය එක්ස් ගිනුමේ සටහනක් තබා තිබුණා.
එහි ඔහු දක්වා තිබුණේ ගාසා තීරයේ හමාස් මිනීමරුවන්ගේ සහ ස්ත්‍රී දූෂකයින්ගේ හිස් මතින් නිරයේ දොරටු විවර වනු ඇති බවයි.
හමාස් සංවිධානය භාරයේ සිටින ඊහ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම සහ හමාස් සංවිධානය නිරායුධ කිරීම යන කොන්දේසි සම්බන්ධයෙන්ද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
යුද්ධය අවසන් කිරීම සදහා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකගතාවය පළ කර ඇති බවයි වාර්තා වුනේ.
කෙසේ නමුත් ස්වාධීන පලස්තීන රාජ්‍යක් නිර්මාණය කරන තෙක් හමාස් සංවිධානය නිරායුධ නොකරන බවයි එම සංවිධානය නිවේදනය කර ඇත්තේ.
උණුසුම් පුවත්
- සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
- විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
- ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
- පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහරදුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
- ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට
- අහංගල්ලේදී කාන්තාවක් ඝතානය කරයි – තවත් කාන්තාවකට තුවාල













