ගාසා තීරය දිගුකාලීන පදනමක් මත කලාප දෙකකට බෙදීම සඳහා අමෙරිකාව විසින් සැලසුම් සකස් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සැලසුම යටතේ, ගාසා තීරය ඊශ්‍රායල සහ ජාත්‍යන්තර හමුදා පාලනය යටතේ පවතින ‘හරිත කලාපයක් සහ විනාශයට පත්කරනු ලබන ‘රතු කලාපයක් ලෙස බෙදීමට නියමිතයි.
ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබන්නේ ‘හරිත කලාපය‘ තුළ පමණක් බවයි සදහන් වන්නේ.
වර්තමාන ඊශ්‍රායල පාලනය යටතේ පවතින ‘කහ රේඛාව ඔස්සේ ගාසා තීරය බෙදී යනු ඇති.
විදේශීය බලකායන්ගාසා තීරයේ නැගෙනහිර ප්‍රදේශයේදී ඊශ්‍රායල සොල්දාදුවන් සමඟ යෙදවීමට නියමිතයි.
පලස්තීනුවන්ගෙන් සියලු දෙනාම විසුරුවා හැරීමට සැලසුම් කර ඇත්තේ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කර නොමැති ‘රතු කලාපය‘ වෙතටයි.
මෙම බෙදුණු ගාසා තීරය තුළ යුද්ධයක් නොවන නමුත් සාමයක් ද නොවන තත්වයක් ඇති විය හැකි බවයි විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ.
මෙයට නිත්‍ය ඊශ්‍රායල ප්‍රහාර, ශක්තිමත් වාසයක්, පලස්තීන ස්වයං පාලනයක් නොමැති වීම සහ නිවාස හා ප්‍රජාවන් සීමිතව ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළත් විය හැකියි.
ට්‍රම්ප්ගේ කරුණු 20 කින් යුත් සාම සැලැස්ම සඳහා පදනම සපයනු ලබන්නේ ජාත්‍යන්තර ස්ථායීකරණ බලකායක් නිර්මාණය කිරීමයි.













