මන්දපෝෂණය නිසා ගාසා තීරයේ තවත්11 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙනවා.
ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය ආශ්‍රිතව මරණ සංඛ්‍යාව 212ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මරණවලින් 98 දෙනෙකු ළමුන් ලෙසයි සටහන්ව ඇත්තේ.
මේ අතර පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 38 දෙනෙකු මිය ගොස් 491ක් තුවාල ලබා තිබෙනවා.
ගාසා තීරයේ රඳවා තිබෙන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මේ සම්බන්ධව රජයට දැඩි විරෝධයක්ද එල්ල කර ඇති අතර, එමගින් ඔවුන් චෝදනා කර ඇත්තේ ඊශ්‍රායල රජය ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන බවටයි.