ඊශ්‍රායලය සටන් විරාමය නොතකා ගසා තීරයට නැවත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව දින දෙකක් තුළ සිදු කළ ප්‍රහාරවලින් දෙදෙනෙක් මියගොස් ඇති බවයි.
එම පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු මියගොස් ඇත්තේ අද දිනයේ සිදු කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්.
මේ අතර ජෙරුසුලම ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමකින් තවත් අයෙක් තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.











