මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
ඒ ගිංතොට දුම්රිය ස්ථානයේදීයි.
මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය බවටයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය මාර්ගයටද අනතුරෙන් විශාල හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.