ගාල්ල සහ කළුතර වෙරළ තීරයේ සිදුවීම් දෙකකදී අතුරුදහන් වූ ධීවරයින් 6 දෙනෙකු සෙවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටර් යානය සහ Y-12 ගුවන් යානයක් යොදවා තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝගය මතයි මෙසේ සෙවීම් කටයුතු ආරම්භ කර ඇත්තේ.
ඒ අනුව, විශේෂ සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.