ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් අද පරාජයට පත්ව තිබෙනවා.
ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී සංයුතිය 36ක් වනවා.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 19ක් ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.
එහිදී ජාතික ජල බලවේගයේ මන්ත්‍රීවරුන් 17 දෙනා අයවැය ලේඛනයට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.
එමෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 05, පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් 03 සහ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර තිබුනා.
ගාල්ල මහ නගර සභාව ජාතික ජන බලවේගය සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව පිහිටවනු ලැබූ අතර නගර සභාව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය පළ කරමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත් ප්‍රියන්ත සහබන්දු මහතාද අයවැයට විපක්ෂව සිය ඡන්දය භාවිත කර තිබෙනවා.











