ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂිත පවුරට ආසන්නයේ පිහිටා තිබෙන මුර අට්ටාල දෙක අසලින් බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැදවියන් ස්නානනය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට යම් පුද්ගලයෙකු විසින් පාර්සලක් විසි කර තිබෙනවා. එම පාර්සලය බන්ධනාගාර නිළධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති අතර එහි තිබී මත්පැන් යැයි සැක කළ හැකි දියර සහිත බෝතල් 03 ක්, දුරකථන චාජරයක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගන්නා ලද ද්‍රව්‍ය ගාල්ල බන්ධනාගාර ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ විනාශ කිරීමටයි බන්ධනාගාර නිළධාරීන් කටයුතු කර ඇත්තේ.