ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති බව සඳහන්. අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී මීට පෙර තර්ජනය කර ඇති බව ද පොලීසිය පවසනවා. කෙසේ වෙතත් එම පුද්ගලයා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.
උණුසුම් පුවත්
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද













