Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය

    ගාමිණී දිසානායක 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය

    2024-03-21කියවීමට මිනිත්තු 3ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් එදා ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මැතිතුමාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ඊයේ  (20) පස්වරුවේ එක්වෙමිනි.

    උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි එම පිළිරුව අභියසදී පැවැත්විණි.

    ගාමිණී දිසානායක මැතිතුමා පිළිබඳ අතීත මතකය මෙහිදී ආවර්ජනය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගාමිණී දිසානායක මැතිතුමාගේ කැපවීම සියලුදෙනාට ආදර්ශයක් බවයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාමිණී දිසානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරිණි.

    සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ජන්ම දින සැමරුම් උත්සවයේ කටයුතු අරම්භ වූ අතර ශ්‍යාමෝපාලිවංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක, වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ විහාරාධිපති, එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක හිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.

    රට වෙනුවෙන් දිවිපිදු සියලු වීරෝධාර රණවිරුවන් සහ 1994 ඔක්තෝබර් 23 වැනි දින ගාමිණී දිසානායක මැතිතුමා සමඟ තොටලග ඛේදවාචකයට මුහුණ දෙමින් මිය ගිය සියලුදෙනා සහ ජාතික නායකයන් මෙන්ම ගාමිණී දිසානායක පදනමේ නිර්මාතෘ අභාවප්‍රාප්ත අධිනීතිඥ ශ්‍රීමා දිසානායක මැතිණිය ඇතුළු සියලුදෙනා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.

    උත්සවයේ පිළිගැනීමේ කථාව ගාමිණී දිසානායක පදනමේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා විසින් සිදු කළේය.

    හිටපු කතානායක කරු ජයසූරිය මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ ගාමිණී දිසානායක චරිතය දේශපාලන පූර්වාදර්ශයක් බවයි. එතුමා ජනාදරයට පත් වූයේ ජනතාවට සේවය කරමින් බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා එතුමාගේ නිවැරදි කළමනාකරණය ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයකට නතු කිරීමට හැකි වූ බවද සඳහන් කළේය.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රි ලංකන් ගුවන් යානයක් මගීන් 85ක් සමග 99න් බේරෙයි

    ගාමිණී දිසානායක පදනමේ සභාපති සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ක්‍රමය රටට ගැළපෙන බව තම පියාණන් සෑමවිටම ප්‍රකාශ කළ බවයි. ඉදිරියේදීත් තමන් බලාපොරොත්තු වන්නේ මධ්‍යස්ථ දක්‍ෂිණාංශික ව්‍යාපාරයක් බව පැවසූ ඒ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී එවැනි නායකයෙක් ජනතාව විසින් තෝරාපත් කරගනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කළේය.

    අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, වඩිවෙල් සුරේෂ්, හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස , ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද, ගාමිණී දිසානායක මහතාගේ පවුල් ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Srilanka
    පෙර පුව​තIPL වල තවත් ආදේශකයක්
    ඊළඟ පුව​ත අද සිට වියලි කාලගුණයේ වෙනසක්

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group