ග්වාතමාලා නගරයෙන් පිටත මිටියාවතකට බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මේ වන විටත් අනතුරට පත් බස්රථයේ සිටින පිරිස් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
අනතුරින් ජීවිතක්ෂයට පත් පිරිමි පුද්ගලයින් 36 දෙනෙකුගේ සහ කාන්තාවන් 15 දෙනෙකුගේ සිරුරු මෙහෙයුම් කණ්ඩායම් විසින් සොයා ගෙන තිබෙනවා.