නානුඔය, ග්ලාස්ගෝ වතු යායේ නිවසක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව නානුඔය පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(21) දහවල් 1ට පමණ නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ ගින්න හටගෙන ඇති බවයි.
ගින්නෙන් එම නිවසේ පදිංචිව සිටි පිරිසගේ පෞද්ගලික බඩුබාහිර ආදිය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ගිනිගත් නිවසට විදුලි බලය නොමැති නිසා කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් නිවසට ගිනි තැබුවේද යන්න අංශ කිහිපයක් ඔස්සේ නානුඔය පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.
ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් අවතැන් වූ එකම පවුලේ පස් දෙනෙක් ඔවුන්ගේ ඥාති නිවසක තාවකාලිකව නතර වී සිටිනවා.














