ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්‍රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ.
මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලැව් ගිනි පාලනය කිරීම සදහා ගිනි නිවන බවටයින් 230 ක් යොදවා ඇති අතර තත්ත්වය තවදුරටත් ක්‍රමිකව වර්ධනය වන බවයි එම නිලධාරීන් සදහන් කර ඇත්තේ.
මේ වන විට ප්‍රදේශයේ නිවාස 1500 ක ජනතාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද සදහන්.
ලැව් ගිනි හේතුවෙන් පැතිර යන දුමාරයෙන් හුස්ම ගැනීමේ අපහසුතා මතු වූ පුද්ගලයින් කිහිප දෙනෙකුද රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














