අහසේ දර්ශනය වන ග්‍රහලෝක 7 කින් 5 ක්ම අද දිනයේදී පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි බව තාරකා විද්‍යාඥ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.
මෙම ග්‍රහලෝක 7 දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් පසුගිය 25 වැනිදා සිට උදා වුණා.
පස්වරු 6.30 සිට පස්වරු 07.10 දක්වා කාලය තුළදී මෙම ග්‍රහලෝක 5 පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වන අතර අනෙකුත් ග්‍රහලෝක දෙක නැරඹීම සඳහා කුඩා දුරේක්ෂයක් අවශ්‍ය වන බවයි ඒ මහතා සඳහන් කළේ.
එමෙන්ම මෙම ග්‍රහලෝක 7 නැවත දැක බලාගැනීමේ අවස්ථාව උදාවන්නේ 2040 වසරේදී බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ.