ගසක එල්ලී තිබෙන කාන්තා මළ සිරුරක් අද(21) දින අලුයම සොයා ගත් බව වටවල පොලිසිය පවසනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්රදේශයේ පදිංචි ක 62 හැවිරිදි කාන්තාවකගේ බවයි වාර්තා වන්නේ.
කාන්තාවක් තම වත්තේ ගසක ඇද සිටි සාරියෙන් ගසේ එල්ලී මියගොස් සිටින බවට එම වතුයායේ වතු කම්කරුවන් විසින් වටවල පොලිසියට ලබාදුන් තොරතුරක් මතයි වටවල පොලිසිය සිරුර සොයාගෙන ඇත්තේ.
එම වතු යායේ පදිංචිව සිටි කාන්තාව තනියම ජීවත් වූ බවත් මෙය සියදිවි හානි කර ගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිළිබඳ හැටන් පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේද සහයෝගය ඇතිව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරනු ලබනවා.