ගොදුරක් පසුපස හභා ගිය කඳුකර කොටියෙකු ගල් කොරියකින් පහළට වැටී තුවාල ලබා ගල්f කාරියේ වතුර වළකට වැටී සිටියදී දැඩි පරිශ්‍රමයක් දරා මුදාගැනීමට වනජීවි නිලධාරීන් සමත්ව තිබෙනවා.
ආගරපතන, හෝල්බෘක් ප්‍රදේශයේ ගල් කොරියක වතුර වළක කඳුකර කොටියෙකු වැටී සිටින බවට ගල් කොරියේ අයිතිකරු විසින් දැක ඒබ ව ආගරපතන පොලිසිය මගින් නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
ගොදුරක් පසුපස හඹා ගිය කඳුකර කොටියා ඉලක්කය වැරදි අඩි 60ක් පමණ ඉහළ සිට ගල් කොරියේ පහළට වැටී කඳුකර කොටියා තුවාල ලබා ඇති බවත්, අවුරුදු හයක් පමණ වයසැති පිරිමි සතෙකු බවත් වනජීවි නිලධාරීන් කියා සිටියා.
රන්දෙනිගල පශු වෛද්‍ය රෝහලේ වෛද්‍ය අකලංක පිණිදිය මහතා එම ස්ථානයට පැමිණ තුවාල ලබා වතුර වලක වැටී සිටි කඳුකර කොටියා කූඩුවක් යොදා ගෙන දැඩි පරිශ්‍රමයක් දරා කොටියා මුදාගෙන නිර්වින්දනය කර කොටියා පේරාදණිය පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් පරීක්ෂණ කිහිපයක් පවත්වා කොටියා වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
ගල් කොරියේ ඉහළ සිට පහළට වැටුණු කොරියාගේ පසුපස එක් පාදයකට දැඩි ලෙස තුවාල සිදුව ඇති බවද පශු වෛද්‍ය අකලංක පිණිදිය මහතා පවසනවා.