ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී නීතීඥවරයෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයාට ගල්කිස්ස අධිකරණය මගින් ඇප ලබා දී තිබෙනවා.
ඒ, ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කරමින්.
අදාළ නඩුව අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මෙම සිද්ධිය සමථ මණ්ඩලයාට යොමු කර ඇති බව වාර්තා වන අතර නඩුව නොවැම්බර් 14 දක්වා කල් තබා තිබෙනවා.
2025.10.10 වන දින ගල්කිස්ස අධිකරණ භූමියයෙන් නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාල පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.