Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගමේ දරුවන්ට වැසුනු පාසල මත්ලෝලින්ගේ පාරාදීසයක් වෙලා

    ගමේ දරුවන්ට වැසුනු පාසල මත්ලෝලින්ගේ පාරාදීසයක් වෙලා

    2025-08-18කියවීමට මිනිත්තු 3ක් ගතවේ.152 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කඩවත්රැඹෑව , ලුණුපැහිච්චාව, පරණහල්මිලලෑව, ඇතුලු ගම්මාන රැසක දුවා දරුවන්ට වසර 61 ක් මෙරට නිදහස් අධ්‍යාපනය ලබා දුන් කඩවත්රැඹෑව විදුහල මීට වසර දෙකකට පෙර එවක සිටි බලධාරින් වසා දැමීමට කටයුතු කළේ සිරගෙවල් 1000ක් නැවත විවෘත කරමින් බව ගම්වාසීහු කියති.

    පාසලක් ඉදිවෙද්දි සිරගෙවල් දහසක් වැසෙනවා යන වැකිය උඩු යටිකුරු කරමින් අධ්‍යාපන බලධාරින් මෙන්ම පවතින සහ පැවැති රජයන් මෙරට නිදහස් අධ්‍යාපනයට අමු අමුවේ පහර ගසමින් අධ්‍යාපනය පෞද්ගලික කරණය කරමින් සිටින බවද ඔවුන් සඳහන් කළේය.

    මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලබල ප්‍රදේශයේ අංක 52 තුලානේ කඩවත්රැඹෑව පාසල පිහිටා ඇත. වර්ෂ 1962 මාර්තු මස 01වන දින ආරම්භ වූ මෙම පාසලේ ආරම්භක විදුහල්පති ලෙස එස් .සෙනවිරත්න මහතා දීප්තිමත් සේවාවක් ලබා දී තිබුණී. අනතුරුව විදුහල්පතිවරුන් 17 දෙනෙකු ගතවූ වසර 61 පුරාවට එම පාසලට අඛණ්ඩ සේවාවේ රැදීසිටි අතර එක් පාසලක සිසුන් 50කට නොඅඩුනම් වසා දැමීම සුදුසු යැයි යන අධ්‍යාපන බලධාරීන්ගේ තීරණය මත මෙම පාසල ගමේ දරුවන්ට අහිමි වී ඇත. මේවන විටත් එම පාසලේ ගොඩනැගිලි, රාජ්‍ය සම්පත් මෙන්ම මහජනතාවගේ මුදල් වලින් ඉදිවූ ගොඩනැගිලි පාවිච්චියට ගත හැකි ඉතා සුදුසු මට්ටමේ ඇති අතර එහි නැවත පාසල විවෘත නොකරන්නේනම් එම ගොඩනැගිලි වෘත්තෘය පුහුණු මධ්‍යෂ්ථානයකට හෝ තරුණ තරුණයින්ට රැකියාවක් ලැබෙන කාර්මික මධ්‍යෂ්තානයක් ඉදිකර ප්‍රයෝජනයට ගන්නා ලෙස බලධාරින්ගෙන් ගම්වාසීහු ඉල්ලා සිටිති.

    ඒ පිළිබද අදහස් දැක්වූ කඩවත් රැඹෑවගම්වැසියෝ.

    “බලධාරින්ගේ අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් වගේම වත්මන් බලධාරීන්ගේ සැලසුමක් නොමැති වැඩ නිසා අද අපේ ගමේ පාසල මත් ලෝලින්ගේ පාරාදේශයක් වෙලා. මේ පාසල ගම්මානයේ පාසල් දරුවන්ගෙන් උදුරාගෙන අවසන් දැන්. ඩෙස් පුටු පැටෙවිවා. තියෙන ලක්ෂ ගනම් බඩුමුට්ටු හිතුන හිතුන අය අරගෙන ගියා දැන් හිස් ගොඩ නැගිලි ටිකක් තියෙනවා කැලෙන් වැහිලා. තාමත් මේ ගොඩනැගිලා හොඳ ඉත්ත්වයේ තියෙනවා. කෝටි ගනම් මහජන දේපල අමු අමුවේ කැලෑවට යන්න හැරලා එදා වගේම අදත් ඉන්න පාලකයින් ඇස් පියාගෙන “

    “දැන් අපි කියන්නේ මේ ගොඩනැගිලි වලින් අධ්‍යාපනය පසකා දා ගම්මානවල තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ වැඩ සටහනක්වත් බලධාරින්ට ක්‍රියාත්මක කරන්න නුවනක් පහල වෙන්න කියලයි.ජනාධිපතිතුමණී. මේ ඔබේ දිස්ත්‍රිකයේ දරුවන්ට ගේට්ටු වැසුනු පාසලක්. මේ පාසල මේ තැනට පත් කරන්න සැලසුම් කළ අයට නීතියෙන් දඩුවම් ලබා දෙන්න කියලත් අපි ඉල්ලා සිටිනවා.”

    “අපේ ගමේ දරුවන් ඉගෙන ගත්ත පාසල. අපි , අපේ අම්මා තාත්තා, සීයා මුත්තා ඉගෙනගත්ත පාසල. සැලසුමක් නොමැති වැඩ නිසා අධ්‍යාපන බලධාරින් අමතක කළ පාසලක් නිසා මුලින්ම මේ පාසල වහලා දැම්මා. ගමේ මිනිස්සුන්ට මුදල් බලය , නිල බලයක් තිබුණනම් මේ පාසල නඩු කියලා හරි රැක ගන්නවා. නමුත් අපි අසරණ මිනිස්සු. මේ රටේ හැමදාමත් අසරණයට තැනක් නෑ. දැන් වෙච්ච දේ වුණා. අපි කියන්නේ මේ කෝටි ගනම් දේපල නිකරුණේ විනාශ වෙන්න ඉඩ නොදී එක්කෝ නැවත ගමට පාසල ලබා දෙන්න. එහෙමත් බැහැනම් මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගෙන ගමේ කාර්මික මධ්‍යෂ්ථානයක්, ගාමට් එකක් හරි තරුණ තරුණියන්ට දාලා දෙන්න කියලා. හැබැයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එවක සිටි අධ්‍යාපන බලධාරින්ගෙන් මේ පාසල වසා දැමීට මුල් කරගත් හේතු සොයා බලා පාසලක් රැකගන්න වෙහෙස නොවුන පිරිස්වලට නීතියෙන් දඩුවම් ලබා දෙන්න කියලා. අද අපිට සතුටු වෙන්න පුලුවන් දෙයක් වෙලා නෑ. මොකද මේ වැහුනේ හිර ගෙදරක් නොවේ පාසලක්.”

    පෙර පුව​තරතන හිමි සහ හල්ලොලුව අල්ලන්න වරෙන්තු
    ඊළඟ පුව​ත බලශක්ති ඇමැතිට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group