ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8. 30 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලිය අත්හිටුවන බැවින් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීම ඊට හේතුවයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.